වඩේ පෙන්නා විදේශිකයව ගසා කෑ ‘කළුතර පුද්ගලයත්’ දැන් කූඩුවේ

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු මොරගල්ල සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

60 හැවිරිදි වියේ පසුවන කළුතර පළාතොට ප්‍රදේශයේ පදිංචි ඔහු වෙළෙඳසැල අවට සිටින අයෙකු බවත් වෙළඳසැල වෙත පැමිණෙන විදේශිකයින් රවටා මුදල් ලබාගන්නා බවත් අනාවරණය වී ඇති අතර ඔහුව හෙට (19) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!