හිටපු ඇමති ප්‍රසන්න කප්පම් නඩුවේ වන්දි මුදලින් ලක්ෂ 90 ක් ගෙවා නෑ .

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ බස්නාහිර පළාත් මහ ඇමැතිවරයාව සිටි ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණය නියම කළ රුපියල් මිලියන 25 ක දඩයෙන් කොටසක් වන රුපියල් ලක්ෂ 90 ක මුදලක් ඔහු විසින් තවමත් ගෙවා නැතිබව වාර්තා වේ . ඒබව වාර්තා වූයේ එම නඩුව ක් ඊයේ (5) යළි කැඳවූ අවස්ථාවේදීය .

එහිදී හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිය නීතිඥවරයා මඟින් ඉල්ලා සිටියේ ඉතිරි කොටස ගෙවීමට තවත් කාලයක් ලබාදෙන ලෙසයි. ඒ අනුව මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා නියෝග කළේ ලබන වසරේ පෙබරවාරි 1 වැනිදා ඉතිරි මුදල ගෙවීම සඳහා යළි නඩුව කැඳවන බවයි.