අනිවාර්ය හිජාබ නීතිය උල්ලංඝනය කරමින් අන්තර්ජාලය ඔස්සේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමේ චෝදනාව මත ඉරාන ගායිකා පරස්තූ අහ්මදිට (Parastoo Ahmadi) සහ ඇගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් සිව්දෙනෙකුට කස පහර 74 බැගින් ලබා දීමේ දඬුවම ක්‍රියාත්මක කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනයි .
2024 වසරේ දෙසැම්බර් මාසයේදී පැවති ‘Karavansara Concert’ නම් සංගීත ප්රසංගයේදී පරස්තූ අහ්මදි හිජාබය නොපැළඳ පිරිමි සංගීත ශිල්පීන් සමග ගී ගැයීම හේතුවෙන් ඇයට එරෙහිව මෙම නඩුව පනවා ඇත . අන්තර්ජාලය හරහා අසභ්‍ය සහ දුරාචාර අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම මගින් පොදු ශික්ෂණයට හානි කිරීම යන චෝදනාව යටතේ ඇයට එරෙහි නීති කෘත්‍ය විභාගයට ගත් අතර එහිදි පරස්තූ අහ්මදි සහ සොහේල් ෆගිහ්නසිරි (Soheil Faghihnasiri), අමීන් තහේරි (Amin Taheri), අමිරාලි පිර්නියා (Amirali Pirnia) සහ මොහ්සෙන් ලෂ්කරි (Mohsen Lashkari) යන අයටද කස පහර නියම විය.
නීතිඥ මොස්තාෆා නිලී (Mostafa Nili) ප්‍රකාශ කළේ ඊයේ(23) කොම් (Qom) නුවර පිහිටි අභිචෝදක කාර්යාලයේදී ඉරාන බලධාරීන් විසින් ඇය ඇතුළු පිරිසට මෙම දඬුවම ලබා දුන් බවයි.
‘එම්ටෙඩාඩ්’ (Emtedad) වෙබ් අඩවිය සමඟ කළ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මානව හිමිකම් සංවිධාන අදාළ දඬුවම දැඩි ලෙස හෙළා දැක ඇති අතර, කාන්තා අයිතිවාසිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් යළිත් ජාත්‍යන්තර අවධානය ඉරානය වෙත යොමුව