ඉන්ධන හිඟය ගැන ඛණිජ තෙල් සංස්ථා සභාපති කියන දේ .

රට තුළ මේ වනවිට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත්, ප්‍රමානවත් පරිදි ඉන්ධන තොග තමන් සතුව පවතින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී . ජේ. රාජකරුණා පවසයි.

ඉන්ධන සන්චිත ගැන ප්‍රකශයක් කරමින් ඔහු පැවසුවේ ඇතැම් සමාගම් විසින් ඉන්ධන නිකුත්කිරිමේ අඩුවක් පැවතියද ඛණිජ තෙල් සංස්ථාව ප්‍රමාණවත් පරිදි ඉන්ධන බෙදාහරිමින් සිටිනා බවයි .

“රටේ තෙල් හිඟයක් නෑ. අපිට ඕන තරම් තෙල් සංචිත තියෙනවා. තෙල් නිකුත් කරනවා. හේතු වෙලා තියෙන්නේ පෞද්ගලික සමාගම් ඒගොල්ලන්ට පාඩු හින්දා ඉන්ධන නිකුත්කිරිම යම් ප්‍රමාණයකට අඩු කරලා තියෙනවා . එතකොට ඒ තැන්වලට කිට්ටුව සිපෙට්කෝ ෂෙඩ් එකක් නැත්නම් එතකොට ඒ තැන්වල පෝලිම් එනවා. ඒක තමයි ගැටලු වෙලා තියෙන්නේ.

ඒ වගේ සිපෙට්කෝ ‍ශෙඩ් කෝ ළඟ පාත නැති ස්ථාන 52ක් අඳුනගෙන තියෙනවා. ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සියලුම සමාගම් ගෙන්නලා සාකච්ඡා කළේදී ඒ සමාගම් එකඟ වුණා ඒ තැන්වලට ප්‍රමුඛත්වය දෙනවා කියලා.