ක්‍රිෂ් නඩුවට නාමල් යළිත් අධිකරණයට .

රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ‘ක්‍රිෂ්’ ගනුදෙනුව සම්බන්ධ නඩුකරයට ඉදිරිපත් කිරීම සඳහා අද (06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ .

මෙම නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මීට පෙර අධිකරණය විසින් ඇප මත මුදාහැරීමට නියෝග කර තිබුණා. කෙසේ වෙතත්, ‘එයාර් බස්’ සිද්ධියට අදාළව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ලබාදුන් නියෝගයකට අනුව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි .