මාළිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ අය වැය පරාජය වෙයි .

ජාතික ජනබලවේගයට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය පරාජයට පත්ව ඇත . අයවැයට පක්ෂව ඡන්ද 9 ක් ලැබී ඇති අතර, විපක්ෂව ඡන්ද 10 ක් ලැබීම හේතුවෙන් එය පරාජයට පත්ව ඇත .

කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් අද පැවති සභා රැස්වීමේදී 2027 වර්ෂය සඳහා වන අයවැය පළමු වරට සභාවට ඉදිරිපත් කර තිබෙන අතර 2026 වර්ෂයේ අයවැයද ජාතික ජනබලවේගය පරාජයට පත්ව තිබෙනවා.

කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය බෙදී ඇත්තේ විපක්ෂයට ආසන 10ක් සහ ජාතික ජනබලවේගයට ආසන 9ක් වශයෙනි.

කෙසේ වෙතත්, අඩු ආසන සංඛ්‍යාවක් හිමිව තිබියදීත් සභාපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පැවති රහස් ඡන්දයේදී වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට ජාතික ජනබලවේගය සමත්වීම හේතුවෙන් එම පක්ෂයේ නියෝජිතයෙකු සභාපති ධුරයට පත්ව තිබෙනවා.