ජොන්ස්ටන් ප්‍රනාන්දුට අත් හිටවූ සිර දඬුවමක් සමග රුපියල් 130,000 ක දඩයක්.

නීති විරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව අද (25) ප්‍රකාශයට පත් කරනා ලදි .

එහිදී ඉදිරිපත්වූ චෝදනා තුනට අදාලව රුපියල් 130,000 ක දඩ මුදලක්ද දෙවෙනි චෝදනාවට හයමසක ලිහිල් වැඩසහිත සිරදඬුවමක්ද නියමකරනා ලද අතර එම සිර වසර පහකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළ එම තීන්දුව අනුව පළමු චෝදනාවට රුපියල් 5,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක සිරදඬුවමක් නියම කර ඇත .

දෙවැනි චෝදනාවට රුපියල් 100,000 දඩයක් සහ මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇති අතර, එම සිරදඬුවම වසර පහකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. තුන්වැනි චෝදනාවට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කරනා ලදි .