ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකළ ප්රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය දෙසැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර අද (25) නියෝග කළේය .
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂ මෙම පෙත්සමෙන් ඉල්ලා සිටියි .