මීගොඩ මංසන්ධියේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කර ඉන් 7 දෙනෙකුගේ මරණය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා ලබන16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරියා අද නියෝග කළාය .
අනතුරෙන් පසුව පලාගොස් සැඟව සිටි කැබ් රථයේ හිමිකරු සහ එම අවස්ථාවේදී එහි ගමන් කළ පුද්ගලයෙකු අද නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට (06) මීගොඩ පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත අනතුරුව ඔවුන් මීගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත .