හොරණ බැංකු කොල්ලයට අත්අඩංගුවට ගත් සහකාර කළමණාකරු රඳවාගෙන ප්‍රශ්ණ කරන්නට අවසර .

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු දින හයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත .

ඊට අමතරව සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ආරක්ෂක නිළධාරියා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මහෙස්ත්‍රාත් වරයා නියෝග කර ඇත .