කළුපාලම අසළදී වෙඩි කෑ ත්‍රී රෝදරථ රියදුරු මරුට .

දෙමටගොඩ කළුපාලම තුළදී සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලද ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතිබව පොලිස් ආරංචි මාර්ග පවසයි . වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහු රෝහල්ගත කරන විටත් ඔහු මිය ගොස් ඇති බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි .

සිය ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර, ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි.

මෙම වෙඩිතැබීම කුළී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකට ගොඩ වූ පුද්ගලයෙකු විසින් සිදුකළ එකක් බවට පොලීසිය සැක පළකරයි. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂාකිරීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මාධ්‍ය හමුවෙ පැවසීය .