ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය මගින් පනවා තිබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් අද තහවුරු කළේය .
2016 වසරේ මාර්තු මස 30 වැනිදා කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවැති කූරගල විහාරස්ථානය පිළිබඳ මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් මගින් ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ඥානසාර හිමිට එරෙහිව නඩු පවරා තිබිණි.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වැනි වගන්තිය යටතේ ගොනු කර තිබූ මෙම චෝදනාවලට වරදකරු වූ ඥානසාර හිමිට 2024 වසරේදී කොළඹ මහාධිකරණය විසින් මෙම වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම නියම කළ අතර, උන්වහන්සේ විසින් ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය අද මෙලෙස නිෂ්ප්‍රභ කෙරිණි.