ශෂී වීරවංශගේ අභියාචනය නිෂ්ප්‍රභ කෙරේ .

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලඟ තබාගැනීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් දෑ අවුරුදු සිරදඬුවමක් නියමකළ ශෂී වීරවංශ විසින් ඉදිරිපත්කර තිබූ අභියාචනය අද ශ්‍රේෂ්ඨාධිකරණ මගින් නිෂ්ප්‍රභා කරන ලදි .

ඒ අනුව ඇයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය මහින් තහවුරු කරන ලදි . විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ වහා රිමාන්ඩ් බාරයට පත්කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නියමකරන ලද දෑ සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනා ලෙස නියෝග කළේය .