පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ෆීජී හී HIV ආසාදිතයන් වේගයෙන් ඉහළ යාම හේතුවෙන් එරට රජය විසින් එය ජාතික හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ලක්ෂ 5 කටත් වඩා අඩු ජනගහනයක් ජීවත් වන එරට, 2025 වසරේදී පමණක් නව HIV ආසාදිතයන් 2,016 ක් වාර්තා වී ඇත . වර්තමානයේ එරට සෑම වැඩිහිටියන් 60 දෙනෙකුගෙන් එක් අයෙකු මෙම වෛරසය සමඟ ජීවත් වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
මත්ද්‍රව්‍ය භාවිතයේදී “බ්ලූටූතිං” (Bluetoothing) නමින් හැඳින්වෙන, දැනටමත් මත් වී සිටින අයෙකුගේ රුධිරය තවත් අයෙකුගේ සිරුරට එන්නත් කරගැනීමේ අවදානම් සහගත සහ අනාරක්ෂිත භාවිතයන් මෙම වසංගතය තීව්ර වීමට ප්‍රධාන හේතුව වී ඇත.
කෙසේ වෙතත ආසාදිතයන්ගෙන් 39% ක් පමණක් තම තත්ත්වය දන්නා නමුත් ප්‍රතිකාර සඳහා යොමුව ඇත්තේ 22% ක් පමණක් බවත් එක්සත් ජාතීන්ගේ HIV සහ AIDS පිළිබඳ ඒකාබද්ධ වැඩසටහන (UNAIDS) පෙන්වා දෙයි. මෙම වසංගතය සම්පූර්ණයෙන් පාලනය කිරීමට වසර පහකට වැඩි කාලයක් ගතවනු ඇති බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.