කොකේන් ලඟ තබාගත් විශ්ව කොඩිකාරට අධිකරණය දුන් තීන්දුව.

කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළු විශ්ව කොඩිකාරට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා විසින් රුපියල් 5,000ක දඩයක් නියම කරන ලදී.

මෙහිදී රංගන ශිල්පියාට දැඩි ලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරිය, ඉදිරියේදීත් මෙවැනි වරදකට හසුවුවහොත් ඔහුව පුරුත්ථාපනය සඳහා යොමු කරන බවට අනතුරු ඇඟවීය.

විශ්ව කොඩිකාර ඇතුළු පස්දෙනෙකු වැල්ලවත්ත පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුනේ වැල්ලවත්ත වෙරළ තීරයේදිය . අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව මෙලෙස දඩ ගැසීමට ලක්විය .