අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ දන්සැල් කළාපයේ සත්යග්රහ භූමියේදී ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඊයේ (17) නියෝග කළේය .
ඒ අනුව, එළඹෙන 26 වැනිදා විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .
රුවන්වැලි මහා සෑය ආසන්නයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් හැර සෙසු භික්ෂූන් වහන්සේ සිව්නමක්, පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක ඇප මත මුදාහරින ලෙස ඉල්ලා නීතිඥවරුන් වන ඉන්දික ඉඹුල්පිටිය සහ නුවන් බැල්ලන්තුඩාව විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය . රාජාංගනයේ සද්ධාරතන නමැත්තා නිකායෙන් නෙරපූ අයෙක් බවත්, අසැබි වචනයෙන් පුද්ගලයන්ට බැනවදීම නිසා අධිකරණය හමුවට පමුණවන ලද අයෙක් බව සමාජ මාධ්‍යහි වාර්තා වේ.