RMV මූල්‍ය වංචා රැසක තොරතුරු සහිත COPA වාර්තාව නීතිපතිට.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති බව පැවසෙන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සකස් කළ විමර්ශන වාර්තාව, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (09) හිමි විය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කාරක සභා වාර්තාවක්, නීතිපති නිරීක්ෂණය සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා සෘජුවම යොමු කිරීමට පියවර ගත් ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙස මෙම අවස්ථාව දක්වෙයි .

දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරය තුළ 2025 මාර්තු 10 සහ 21 යන දිනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කැඳවා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දීර්ඝ විමර්ශනයක් සිදුකළ අතර, එහිදී හෙළිදරව් වූ කරුණු සහිත වාර්තාව 2025 ජූලි 25 දින ප්‍රකාශන මාලා අංක 243 යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.