සුරේෂ් සලේ ගැන එ.ජා.ප යෙන් නිවේදනයක් .

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව සැලකීමකීම තරයේ හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි .

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සිද්ධිය දැනටමත් ජාත්‍යන්තරය වෙත ද ගොස් අවසන් බවයි.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් භයානක තත්ත්වය තම පක්ෂය දකින අතර, සුරේෂ් සලේ සලකන ආකාරය සාමාන්‍යයකරණය වුවහොත් විපක්ෂයේ කණ්ඩායම්වලටද ඒ තත්ත්වය අදාළ කළ හැකිවනු ඇති බවත් එය ඉතා භයානක ප්‍රවණතාවයක් වන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.