ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ 5වන සහ 6වන සමාලෝචනයන්ට අදාල අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට බැර කර තිබේ.
IMF විධායක මණ්ඩලය පසුගිය 27 වැනිදා පැවති රැස්වීමේදී 5 වන සහ 6 වන සමාලෝචනයන් සඳහා අනුමැතිය ලබාදුනි.
විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුල්‍ය පහසුකමක් අනුමත කරනු ලැබීය.
එහි පස් වන සහ හය වන සමාලෝචනය අනුමත කිරීම සඳහා IMF විධායක මණ්ඩලය පසුගිය 27 වනදා රැස් වු අතර එම රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේ, අභියෝගාත්මක තත්ත්වය මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාව විස්තීරණ අරමුදල් පහසුකමේ විධිවිධාන ශක්තිමත්ව ක්‍රියාත්මක කර ඇති බවය.