”අපිට ගෙවල් දෙක මාරුවුනා. බෝම්බය ගැහැව්වේ වැරදි ගෙදරට” දෙහිවල බෝම්බකරු පාපොච්චාරණය කරයි.

තමන් අත්බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට බලාපොරොත්තු වූ නිවසත්, ප්‍රහාරය එල්ලකළ නිවසත් එකම බිත්තියකින් වෙන්ව තිබීම් හේතුවෙන් බෝම්බ ප්‍රහාරය එල්ලවූයේ වැරදි නිවසට බවත් දෙහිවල නිවසකට එල්ලකළ අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු පැවසු බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි .

එම අත්බෝම්බ ප්‍රහාරයකින්, දරුවන් දෙදෙනකු මියගිය අතර, එම දරුවන්ගේ පියාට සිය පාදයක් අහිමි විය. සිද්ධියට අදාලව බෝම්බය ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සහ ඔහු පැමිණි ත්‍රිරෝද රථය පැදවූ බව පැවසෙන පුද්ගලයා මේවන විට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසිනි වීසින් අත් අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් ඇති බව පොලිසිය පවසයි.

බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව කියන සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ ප්‍රහාරය එල්ල කළ නිවස හා ඔවුන් ඉලක්ක කළ නිවස එකම බිත්තියකින් වෙන්වී තිබීම නිසා නිවාස දෙක හඳුනාගත නොහැකි වූ බවය. මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසීය.