සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනය දැක්වෙයි . ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,053කට රුපියල් නව බිලියන එකසිය අසූ එක් මිලියන හයසිය අනූ හය දහස් දෙසිය පනහක මුදලක් බැංකු ගිණුම්වලට බැරකිරීමට නියමිතය.
එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335කට රුපියල් බිලියන දෙකයි මිලියන එකසිය විස්සයි දහස් අටසිය පනස් හයයි දෙසිය පනහක මුදලක් ගෙවීමට සැලැසුම් කර තිබේ.
හෙට (17) සිට අස්වැසුම ප්‍රතිලාභීන්ට මෙම මුදල් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත්කළ නිවේදනයේ දක්වෙයි .