රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 325ක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට තොරතුරු ලබාදුන් උපාය දූතයා ඝාතනය කිරීම සඳහා උත්සහාකළ “මධුවා” නැමැති පුද්ගලයෙකු සෙල්ලකතරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයන් දෙදෙනා සෙල්ලකතරගම ලක්ෂ්මී දේවාලය ඉදිරිපිට කඩ කාමරයක රහසිගතව සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මධුක චාමර නොහොත් “මධුවා” නමැත්තෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු සංවිධානාත්මක අපරාධකරුවන් වන “අංගොඩ ප්‍රියංකර” සහ “රූබන්” යන අයගේ සමීපතමයෙකු බව පොලීසිය පවසයි.
මධුවා සතුව තිබී උපාය දූතයා ඝාතනය කිරීමට යොදා ගැනීමට සැලසුම් කර තිබූ මන්නා පිහි දෙකක්, හෙරොයින් ග්‍රෑම් 08ක් සහ පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයට සවිකර තිබූ ව්‍යාජ අංක තහඩුවට අදාළ ලියකියවිලි ද පොලීසිය සොයාගෙන තිබේ.
එම වැටලීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ මෙහෙයවීම යටතේ අදාළ උපාය දූතයා තොරතුරු ලබාදී තිබූ බව පොලීසිය පවසයි.