පූජ්‍ය කත්තෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ධර්ම දේශනාවන් කෙරෙහි වර්තමාන දස දහස් සංඛ්‍යාත තරුණ පරම්පරාව තුළ විශාල ආකර්ෂණයක් සහ ලැදියාවක් හටගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය .
පන්සල හෝ ආගමික කටයුතු යනු වයස්ගත වූ පිරිසට පමණක් සීමා වූවක්ය යන සාම්ප්‍රදායික මතය වෙනස් කරමින්, අලුත් තරුණ පරපුර ප්‍රබෝධමත්ව පන්සල සහ ධර්මය වටා රොක් කරවීමට සිරිධම්ම හිමියන් ඉටුකරන නියමු කාර්යභාරයට සමස්ත රාජ්‍යයේම ප්‍රණාමය හිමිවිය යුතු බව ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය .
එමෙන්ම ලංකා ඉතිහාසයේ පළමු වරට මත්ද්‍රව්‍ය සහ අපරාධ සන්තතිය පිටුපස තිබුණු දේශපාලන බලපෑම් සහ අනුග්රහයන් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙන බවත් එම කිසිදු විනාශකාරී ක්‍රියාවකට වත්මන් රජයෙන් දේශපාලන රැකවරණ හෝ ආරක්ෂාව නොලැබෙන බව පවසන සහතිකය තමන්ට රටට ලබාදිය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය .
ආරක්ෂක නිලධාරීන් මෙම විනාශකාරී දොරටුව වසා දැමීමට උපරිම වෙහෙසක් දරන බව පැවසූ ජනාධිපතිවරයා, නමුත් රජයකට පනත් සහ නීතිවලින් පමණක් මෙය තනිවම කළ නොහැකි බව එහිදී කියා සිටියා. එහෙයින්, අධ්‍යාත්මික පරිවර්තනය සිදුකිරීමට කත්නෝරුවේ සිරිධම්ම හිමි වැනි තරුණ ස්වාමීන් වහන්සේලාගේ දායකත්වය අවශ්‍ය වන බව ජනාධිපතිවරයා පැවසීය.