මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු බොරැල්ල පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පැවසීය .
මියගිය රැඳෙවියා පසුගිය තුන්වන දින වැලිකඩ බන්ධනාගාරයේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුත්තක් අතරතුර පලාගොස් තිබූ අතර එහිදී එම රැදෙවියා බන්ධනාගාර නිලධාරීන් විසින් යළි සිය භාරයට ගෙන තිබුණි. පසුව රැඳවියා හදිසියේ රෝගාතුර වී තිබූ අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.
එම රැඳවියාගේ ඥාතීන් චෝදනා කරනුයේ බන්ධනාගාර නිලධාරීන්ගේ පහර දීමක් හේතුවෙන් ඔහුගේ මරනය සිදුව ඇති බවයි .