ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට වන්දි ලබාදීම අදියර දෙකක් යටතේ සිදුකිරීමට නියමිත බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
එහි පළමු අදියර යටතේ මුළු වන්දි මුදලෙන් 50%ක් මහා භාණ්ඩාගාරයේ අරමුදල්වලින් ලබාදීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේය .
ඊට අදාළ පත්‍රිකාව මේ වන විට කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බවත්, ඊට අනුමැතිය ලද වහාම එම කටයුතු නිමාකරනා බවත්, ඉතිරි 50% කෙටිකලක් තුළ ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළෙය.
පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.