විජේ චන්ද්‍රසේකාර් තමිල්නාඩුවේ මහ ඇමති වීම ලංකාවට කෙසේ බලපායිද

තමිල්නාඩු ප්‍රාන්තයේ 17 වන ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් අතිවිශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමට දකුණු ඉන්දීය සිනමා තරුවක් වන විජේගේ ( ජෝසප් විජේ චන්ද්‍රසේකර් ) තමිළග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය සමත්ව තිබෙ. ආසන 234 කින් සමන්විත ප්‍රාන්ත සභාවේ ආසන 108 ක් දිනාගනිමින් ඔහු තමිල්නාඩුවේ මීළඟ මහඇමති ධුරය සඳහා ආසන්න වී ඇති බව ඉන්දීය දේශපාලන ආරංචි මාර්ග පවසයි .

වසර 50 කට අධික කාලයක් තමිල්නාඩුව පාලනය කළ DMK සහ AIADMK පක්ෂ මෙවර දඩි පසු බෑමකට ලක්ව ඇති අතර DMK පක්ෂය ආසන 59 ක්ද, AIADMK පක්ෂය ආසන 47 ක් ලබාගනිමින් තෙවන ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ .

TVK පක්ෂය තමිල්නාඩුවේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 35% නොහොත් ඡන්ද කෝටි 1.6 කට වඩා ලබාගෙන ඇත. කෙසේ වෙතත් තමිල්නාඩු මන්ත්‍රණ සභාවේ බලය පිහිටවීමට ආසන 118 අවශ්‍ය වෙයි . ඒ සඳහා තවත් ආසන 10 අවශ්‍යවන අතර, ඒ සඳහා වන සාකච්ඡා TVK පක්ෂයේ ප්‍රධානීන් මෙවන විටත් ආරම්භ කර ඇත .

මෙවර මැතිවරණයේදී වාර්තා වූ 85.1% ක ඉහළ ඡන්ද ප්‍රතිශතය එරට මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයයි. විශෙෂයෙන්ම ග්‍රාමීය ජනයා විජේ චන්ද්‍රසේකාර්ගේ පක්ෂයකෙරෙහි දැඩි විශ්වාසයකින් ඡන්දය භාවිත කර ඇතිබව මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂනයේදී පෙනෙන්නට තිබේ .

විජේ චන්ද්‍රසේකාර්ගේ මැතිවරණ ජයග්‍රහණය සඳහා විශාල පොරොන්දු ප්‍රමාණයක් ලබාදී තිබුනි. ඒ අතර කාන්තාවන් සඳහා රුපියල් 2,500 ක මාසික දීමනාවක් ලබා දීම, විවාහ ආධාර ලෙස රන් ග්‍රෑම් 8 ක් සහ නොමිලේ පට සාරි ලබා දීම, කෘත්‍රිම බුද්ධිය (AI) උදෙසාම වෙන් වූ අමාත්‍යාංශයක් සහ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම, රජයේ රැකියා ලක්ෂ 5 ක් ලබා දීම, රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රුපියල් 4,000 ක මාසික දීමනාවක් ලබාදීමද වෙයි .

විජේ චන්ද්‍රසේකාර් දෙමළ බෙදුම්වාදී මතය වෙනුවෙන් පෙනී සිටි අයෙකි . ඔහු කච්චතිව් දුපත නැවත පවරා ගතයුතු බව ප්‍රසිද්ධියේ පැවසු අතර, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ අයිතීන් පිළිබඳවද ආවේගාත්මක ප්‍රකාශ සිදුකරනා ලදි. යාපනය අර්ධද්ද්වීපය තුළ පවා ඔහුගේ මැතිවරණ බැනර් අහ පෝස්ර් ප්‍රදර්ශණක කර තිබීම විශේෂත්වයකි .