ප්‍රශ්ණ විසඳන්න අවුරුදු දහයක් බලයෙ ඉන්නම වෙනවා – නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි

ආණ්ඩුව බලයට පත්වී වසරක් හෝ දෙකක් ගතවන විට මාර්ග ඉදිකිරීම ඇතුළු විවිධ සංවර්ධන කටයුතු කඩිනමින් ඉටු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුවද, සියලු කටයුතු එකවර සිදුකිරීම ප්‍රායෝගික නොවන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි .

ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් සමඟ සියලු කටයුතු ඉටු කිරීමේ අභියෝගය ද ආණ්ඩුවට පවතින බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, සියළු දේ හිතකර පැත්තට හරවාගෙන සංවර්ධන කටයුතු මෙහෙයවා ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට පස් වසරක කාල සිමාව ප්‍රමාණත්ත් නැතිබව පැවසීය .

මහපොළොවේ ජීවත් වූ මහජන නියෝජිතයන් ලෙස ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු පිළිබඳව මනා අවබෝධයක් තමන්ට පවතින බවත්, සැබෑ ජනතා අවශ්‍යතා ඉටු කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීමට නම් ආණ්ඩුවක් අවම වශයෙන් වසර දහයක්වත් අඛණ්ඩව බලයේ සිටිය යුතු බව ඔහු සඳහන් කළේය .