නියෝජ්‍ය ඇමති නාමල් ගොවියාගේ බය අරියි.

ගොවිජනතාවට සහන රැසක් ලබාදීමට කටයුතු කර ඇති බවත්, පොහොර සැපයුම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවත් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසීය . පොල් වගාව සඳහා පොහොර සහනාධාර, පොල් පැළ ලබාදීම සහ නව පොල් වගා ආරම්භ කිරීම සඳහා සහනාධාර ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා සඳහන් කළේය .

පොහොර සැපයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වී වගාව සඳහා අවශ්‍ය TSP (ත්‍රිත්ව සුපර් පොස්ෆේට්), MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) සහ යූරියා පොහොර සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරගත යුතු නොමැති බවයි.

වී වගාව සඳහා පොහොර යෙදීම දැනට ගැටලුවක් නොවන බවත්, සියලු වගාවන් සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය සපුරාලීමට පොහොර නැව් තුනක් පැමිණෙමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.