හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ශ්රී ලංකා නාවික හමුදාවේ සේවය කළ කාලය තුළ වැටුප් වශයෙන් රුපියල් 5,150,626 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
මේ බව අද වාර්ත වූයේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී නාවික හමුදා නිලධාරියෙකු විසින් ලබාදුන් ශාක්ෂියක් මගින් මේ බව තහවුරුව ඇත .
මෙම මුදල යෝෂිත රාජපක්ෂගේ සේවා කාලය තුළ ලබා දුන් මූලික වැටුප් ගෙවීම් පමණක් බවත්, ඊට වෙනත් කිසිදු අතිරේක දීමනාවක් ඇතුළත් නොවන බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.