ශුද්ධවූ නබි නායක තුමාට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්රී ලාංකාවේ අම්පාර ප්රදේශයේ පදිංචිකරුවෙක් වන සිවරාසා අනෝජන් නැමැත්තාට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වසර 5ක සිර දඬුවම් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් මීට පෙර ඔහුට නියම කර තිබුනි . එහෙත් ශ්රී ලංකා රජය කළ අභියාචනයකින් අනතුරුව එම සිර දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ දමා ඇති බවත්, ඊට එම අභියාචනය සිදුකළ ආකාරයේ ගැටළුවක් හේතු වී ඇතිදැයි සොයා බැලියයුතු බවත් මඩකළපුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශානක්කියන් රාසමානික්කම් පවසයි .