බැසිල්ට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික පියවර

දැනට ඇමරිකාවේ සිටිනා බැසිල් රාජපක්ෂ සිය ශ්‍රී ලාංකික පුරවැසි භාවය ඉවත් කරගැනීමට ඉල්ලා ඇති බවත්, ශ්‍රී ලංකාව ඔහු පිටුවහල් කරනා ලෙස ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටිමට කටයුතු කරමින් සිටිනා බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි . කෙසේ වෙතත් පුරවසි භාවය අත් හැරීම පිළිබඳ ඔහුගේ ඉල්ලීමට ශ්‍රී ලංකාව තවමත් ප්‍රතිචාර දක්වනු ඇති බවද වාර්තා වේ .

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට නිල් නිවේදනයක් නිකුත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර ඇතිබව දනගන්නට තිබේ . ඒ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාලවය .