ඉන්දියන් සාගරයේ ඇතිවූ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූචලනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් (Mauritius / Reunion) කළාපයේ අද (24) පස්වරුවේ සිදුවූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.5 ක් ලෙසින් සටහන්ව තිබුන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි .