අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) පරිගණක පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . ඒ අනුව රහස්‍ය නොවන තොරතුරු හසුරුවන පරිගණක පද්ධතියකට කිසියම් පාර්ශවයක් අනවසරයෙන් ප්‍රවේශ වී ඇති බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් අතිශය සංවේදී තොරතුරුවලට හෝ රහස්‍ය පද්ධතිවලට බලපෑමක් සිදුව නොමැති බවත්, හැකර් ප්‍රහාරය එල්ලවූ පද්ධතිය ප්‍රසිද්ධියේ ලබාගත හැකි රහස්‍ය නොවන තොරතුරු විශ්ලේෂණය කර බුද්ධි තොරතුරු ලබාගැනීම සඳහා පමණක් භාවිත කළ එකක් බවත් වාර්තා වේ .
කෙසේ වෙතත්, ප්‍රහාරකයන් විසින් ප්‍රවේශ වූ තොරතුරු මොනවාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත . එමෙන්ම ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයන් හෝ කණ්ඩායම් කවුරුන්ද යන්න ද හෙළි වී නැත .