තිලීපන් සමරුවට පොලිසිය මැදිහත්වීමෙන් උණුසුම් තත්ත්වයක් .

යාපනය නල්ලූර් අනුස්මරණ භූමියේ පැවැති ‘තියාගම් ත්‍යාගී’ තිලීපන් අනුස්මරණ වැඩසටහන අතරතුර පොලිසිය සිදුකළ මැදිහත්වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

අනුස්මරණ උත්සවය පැවැත්වෙන අතරතුර සිදුවූ පොලිස් මැදිහත්වීම හේතුවෙන් සංවිධායකයන් සහ ඊට සහභාගීවූවන් දැඩිසේ නොසන්සුන් ලෙස හැසිරී ඇත.

අනුමත අවසර ලබාගෙන ඇති බව දැනුම් දී තිබියදීත්, පොලිස් නිලධාරීන් විසින් ස්ථානයේ තිබූ සියලුම ශබ්ද විකාශන උපකරණ අත්අඩංගුවට ගත් බව සංවිධායකයෝ පවසති.

විශාල ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා පොලිස් අවසරය අවශ්‍ය වුවද, මෙහිදී ඉතා අඩු ශබ්දයකින් යුතු කුඩා ශබ්ද විකාශන යන්ත්‍ර පමණක් භාවිත කරමින් අනුස්මරණ ගීත වාදනය කළ බවත්, එවැනි පසුබිමක පොලිසිය අනීතික ලෙස කුඩා උපකරණ පවා අත්අඩංගුවට ගත් බවත් සංවිධායකයෝ පවසති .