සෞදි අරාබියේ සිටිනා ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් .

සෞදි අරාබියේ බටහිර කළාපයේ මතුවෙමින් පවතින තත්ත්වයන් හමුවේ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ජෙඩා හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත .

සිය ජංගම දුරකතනයට හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ලැබුණහොත් වහාම පහත සඳහන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම නිවේදනයේ සඳහන් වෙයි . එමෙන්ම හදිසි අවස්ථා සම්බන්ධව හදිසි සේවා අංක ලෙස මක්කා සහ මදීනා කළාප තුළ 911 යන දුරකතන අංකයත් අනෙකුත් ප්‍රදේශවල 998 දුරකතන අංකයත් අමතන ලෙසද ඔවුන් දැනුම්දී තිබේ.

තවද කොන්සල් ජනරාල් කාර්යාලයේ හදිසි සම්බන්ධතා අංකය වන 056 098 6671 යන අංකය ඇමතිය හැකි බවත් එම නිවේදනය මගින් දැනුම්දී ඇත.

එකී නිවේදනය පහතින් පලවෙයි .