වත්මන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පැවසීය .
නීතීඥ සාගර කාරියවසම්ගේ එකී ප්‍රකාශය මගින් පොලිස්පතිවරයා මහමඟදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් ඉඟියක් ලබාදෙන බවත් එබැවින් එය ඉතා බරපතල ලෙස සැලකීමට සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය .
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙසේ පැවසීය.
”යම් කිසි දේශ්පාලන පක්ෂයක මහ ලේකම්වරයෙක් කිව්වා නම් මේ පොලිස්පතිවරයා මහ මඟදී ඝාතනය වෙනව වගේ ප්‍රකශයක්. ඒක බරපතලයි. එබැවින් ඒ ගැන අනිවාර්යයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. මේ ප්‍රකාශය බැහැර කරන්න බැහැ. මේ කථාව නිකම් තැනක කිව්වා නෙවෙයි. මාධ්‍ය සාකච්ඡාවකදී හිතාමතා සැලසුම් සහගතව කියපු එකක් කියලා තමයි පේන්නේ…”
මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්ද මේවන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි .