නුවරඑළිය ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ ග්‍රෙගරිවැවේ ජල මට්ටම සීඝ්‍රයන් ඉහළ යාම හේතුවෙන් ග්‍රෙගරිවැවේ වාන් දොරටුව අද (04) පස්වරුවේ විවෘත කිරීමට සිදු වූ බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පවසයි .
එමෙන්ම මේ වන විට නුවරඑළිය ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණය සහ ඝන මීදුම හේතුවෙන්, ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම ආරක්ෂක හේතුන් මත නුවරඑළි නගර සභාව විසින් තාවකාලිකව තහනම් කර ඇත .
එමෙන්ම,නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගය, නුවරඑළිය-හැටන් ප්‍රධාන මාර්ගය සහ නුවරඑළිය-මහනුවර ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව ඝණ මීදුම තත්වයක් පවතින බැවින්, එම මාර්ගවල වාහන ධාවනය කිරීමේදී ප්‍රවේශමෙන් රිය ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.