2026 වසරට අදාළ 05 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
ඒ අනුව එහි දෙවන ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 09.30 සිට 10.45 දක්වා පැවැත්වෙන අතර පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි .