ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුල් පුටුව විපුල් මිස්රා ට

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉංජිනේරු අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන විපුල් මිස්රා එහි නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් කර ඇතිබව වාර්තා වේ.

ගුවන් යානා ඉංජිනේරු ක්ෂේත්‍රයේ මෙන්ම ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේද දීර්ඝ අත්දැකීම් ඇති වෘත්තිකයෙක් වන අතර ඔහු 2024 වසරේදී ශ්‍රීලංකන් ගුවන්සේවයට එක්ව ඇති බව සඳහන්.

ශ්‍රීලංකන් ගුවන්සේවයට එක්වීමට පෙර ඔහු ඉන්දියාවේ Air India, SpiceJet, Vistara සහ IndiGo යන ගුවන් සේවා සමාගම්වල ඉංජිනේරු සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු හොබවා තිබෙනවා