ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (09) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
ජාතික අපහසුතා මෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ ඉන්දියානු රජය ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අගමතිනිය සිය දැඩි කෘතඥතාව පළ කළාය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාව රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සහයෝගීතාවෙන් ඔබ්බට ගිය, සංස්කෘතික, ඓතිහාසික හා ආගමික බැඳීම්වලින් පෝෂණය වූ දීර්ඝකාලීන මිත්‍රත්වයක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය . ඉන්දීය ආරක්ෂක ඇමතිවරයාගේ සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතය .