රුමේෂ් තරංග ලෝකයේ හොඳම හෙල්ල විසිකිරීමේ ශූරයන් අට දෙනා අතරට .

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලියේදී සුවිශේෂි දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත . ඔහු එම තරගාවලියේ මීටර් 92.62 ක් දුරට හෙල්ලය විසී කිරීමට සමත්ව ඇති අතර එය නව තරඟාවලි වාර්තාවක් ද වෙයි . එමෙන්ම එම දස්කම 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීම ලෙසද වාර්තා වෙයි .

ඔහු විසින් බිඳ දමනු ලැබුවේ මීට වසර 20 කට පෙර එනම්, 2006 දී නෝර්වීජියානු ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් විසින් මීටර 90.34 ක දුරක් විසිකරමින් පිහිටුවා තිබූ තරග වාර්තාවයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90 ට වඩා වැඩි දුරක් හෙල්ල විසිකළ පළමු ක්‍රීඩකයා වන්නේ ද රුලෙෂ් තරංගය. හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ආසියානු ක්‍රීඩකයෙකු දැක්වූ දෙවැනි හොඳම දක්ෂතාව වන්නේද මෙය බව වාර්තා වෙයි .