රාජපක්ෂවරයෙක්ට අධිචෝදනා .

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (19) අධිචෝදනා ගොනු කරනු ලැබිය .

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ මෙම අධිචෝදනා පත්‍රයේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන්කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර ඇත .

සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38 ක් ද ඇතුළත් කර ඇත.

2022 වසරේ මැයි මස 09 වන දා ඇති වූ අරගලයේදී හානියට පත් කිරීබ්බන් ආර ප්‍රදේශයේ දේපළකට වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8,850,000 ක වන්දි ලබා ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.