ඉරාන ඇමරිකා සාකච්චා අදයි .

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් අනතුරුව දෙරට අතර මූලික සාකච්ඡා ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Buergenstock) හිදී අද (19) පැවැත්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මූලික සාකච්ඡා පැවැත්වීම මෙහි අරමුණයි.

කටාර් රාජ්‍යය සහ පකිස්ථානය ඇතුළු තවත් සම්බන්ධිත රටවල් කිහිපයක් මෙම සාකච්ඡා සඳහා මෙම රටවල් දෙකට අමතරව මැදිහත්කරුවන් ලෙස සහභාගී වීමටද නියමිතය.