මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ විසින් ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම අද විභාගයට ගන්නා ලදි .
නඩුවේ විත්තිකාරියක වූ ඩේසි ෆොරස්ට් නඩුවෙන් ඉවත් කිරීමෙන් පසු ඇය සමග කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත තමන්ට එරෙහිව නඩුව පවත්වාගෙනයා නොහැකි බව පවසමින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් කරුණු ඉදිරිපත් කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර කරුණු ඉදිරිපත් කළේය .
නඩු විභාගය අවසන් කළ අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව ජූලි 3 වැනිදා ප්‍රකාශයට පත්කරනා බව ප්‍රකාශයට පත් කළේය .