තමා අත් අඩංගුවට වලක්වාලන නියෝගයක් ඉල්ලා ඝෝඨාගෙන් පෙත්සමක් .

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ .

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.