මැගසින් බන්ධනාගාරයේ රැඳවූවෙකුගේ මරණයට අදාල සැකකරුවන් හඳුනා ගනියි .

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරවුලක් හේතුවෙන් මියගිය රාජපක්ෂ මිනි මුතු පතිරන්නැහැලාගේ තුෂාර සම්පත් නැමැති රැඳවූවාගේ මරණය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවේදි හඳුනා ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් අට දෙනෙකු විසින් එලෙස සැකකරුවන් හඳුනා ගෙන ඇත. අනෙක් සැකකරුවන් දෙදෙනා අද (7) දිනයේදි හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව එම නිලධාරීන් තිදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනා මැයි මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය

මැගසින් බන්ධනාගාරයේ ජේරල්වරයෙකු සහ නියාමකවරු දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද පිරිස අතර වෙයි .