මෙවර ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද පෙරවරු 6.17ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණි.
ඒ අනුව අද දින කප් සිටුවීමෙන් පසු 17 වැනිදා දක්වා දින 5 ක් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ.
ඉන් අනතුරුව පළමු කුඹල් පෙරහැර 18 වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර, එතැන් සිට 22 වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වේ. පළමු රන්දෝලි පෙරහැර 23 වැනිදා වීථි සංචාරය ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර 27 වැනිදා පැවැත්වීමෙන් අනතුරුව අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඉන් අනතුරුව එදිනම පෙරහැර සාර්ථකව සිදුකළ බවට පස්වරුවේ දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පෙරහැර සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේදී භාරදීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවීමට නියමිතය .