දරිද්‍රතා රේඛාව රුපියල් 17,592 දක්වා ඉහළ යයි .

ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව ජුනි මාසයේ නිළ දරිද්‍රතා රේඛාව රුපියල් 17,592ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව රුපියල් 277 ක ඉහළ යාමක් බව වාර්තා වේ.

පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මාසයකට අවශ්‍ය අවම මුදල නිල දරිද්‍රතා රේඛාව මගින් ප්‍රකාශයට පත්කිරීම සිදු වේ.

ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව අනුව කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 18,973ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 18,876ක් ලෙස සටහන් වේ. මොණරාගල දිස්ත්‍රික්කයෙ එම අගය රුපියල් 16,821ක් වේ.