මීගහවත්ත පොලිස් වසමේ නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්රදේශයේදී ත්රීරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් ඊයේ සිදුවූ අනතුරින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්රීරෝද රථය මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී විරුද්ධ දෙසින් පැමිණි කාර් රථයේ ගැටී අනතුර සිදුව ඇත .
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්රීරෝද රථ රියදුරු, එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු හා ළමුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා උඩුපිල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ත්රීරෝද රථ රියදුරු, කාන්තාවක් හා දැරියක් මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි දෙල්ගොඩ පදිංචිව සිටි අයෙකු, 39 හැවිරිදි හා 7 හැවිරිදි සියඹලාපේ පදිංචි මව සහ දියණිය බව පොලීසිය පැවසීය.