පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධ නඩුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවන ලදි . එහිදී එම නඩුවට අදාළව අධිකරණයට අපහාස කළ බව කියන ප්‍රකාශ ඇතුළත් සී.ඩී. තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට භාරදී ඇති බව සඳහන් .
හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර,ගෝඨාභය රාජපක්ෂගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන පුද්ගලයින් හයදෙනා සිදුකළ බව කියන ප්‍රකාශවලට අදාළ සී.ඩී. තැටි මෙලෙස අධිකරණයට බාර දී ඇත .